පාද යාත්‍රිවට යනවද? එහෙනම් මේක කියවන්න-පාදයාත්‍රා ගියාට කමක් නෑ කියලා ජනපති කියලා නෑ

 පාදයාත්‍රා ගියාට කමක් නෑ කියලා ජනපති කියලා නෑ


ශ්‍රීලනිපය දෙකඩ නොකොට පාදයාත්‍රා ගියාට ගැටළුවක් නොවන බවට ජනපති පවසා නොමැති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ප්‍රසන්න රණතුංග උපුටා දක්වමින් පාදායාත්‍රාවට සම්බන්ධවීම ගැටළුවක් නොවන බවට ජනාධිපතිවරයා පැවසූ බවට ඇතැම් පුවත්පත් මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්ති මගින් ප්‍රකාශ කර ඇතත් එහි සත්‍යයක් නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් පුවත්පත්වල පළකිරීමට මත්තෙන් ජනාධිපතිවරයාගෙන් ඒ පිළිබඳ විමසිය යුතුව තිබුණු බවත්,මෙමගින් ශ්‍රීලනිප පාක්ෂිකයා නොමග යවා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද(26)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

සම්මුති ආණ්ඩුව භේදභින්න කොට දේශපාලන වාසි ලබාගැනීමට ඇතැමුන් මාන බලන බවත්,කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්ති වහා නිවරදි කළ යුතුව ඇති බවත්,මෙවන් සිද්ධියකට වගකිව යුත්තේ කවුරුන්දැයි සොයා බැලිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

ජනතාව මුලා කොට දේශපාලන වාසි ගැනීමට කටයුතු කිරීම ගැන කනගාටුවන බවත්,'ව්‍යවස්ථා මර උගුල් එපා'යයි කියමින් විරෝධතා පාගමන් යන අය ව්‍යවස්ථා සංශෝධන ගැන නොදැන අනිසි බියක් ඇති කරන බවද හෙතෙම අවධාරණය කළේය.

මෙම පාදයාත්‍රාව ශ්‍රීලනිපයේ කටයුත්තක් නොවන බවත්,බංකොළොත් දේශපාලන ව්‍යාපාර කිහිපයක කටයුත්තක් පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වාදෙන ලෙස මෙම පාදයාත්‍රාවේ අරමුණ වන්නේ'යහපත් අනාගතයක් යහපත් පරිච්ඡේදයක්'යන්න බව නොවේදැයි මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ රජයද කටයුතු කරන්නේ එවැනි අරමුණකින් බැවින් එකී අරමුණු සාක්ෂාත් කර ගැනීමට රජය සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි බවයි.
Share on Google Plus

About Saamadee

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment